Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

කොළොඹ එජාපයට - මැතිවරණ ජය සන්ධානයට

මැතිවරණයෙන් එජනිසට විශිෂ්ඨ ජයක්
කොළොඹ එජාපයට
ආසන 23 න් 21 ක් ආණ්ඩුවට


හිමිකරගත් ආසන සංඛ්‍යාව
එජනිස - 245
එජාපය -131
ජනතා විමුක්ති පෙරමුණ - 5
මුස්ලිම් කොන්ග්‍රසය - 1
ස්වාධින කණ්ඩායම්- 28

කොළඹ මහ නගර සභාබල ප්‍රදේශයට අයත් මැද කොළඹ, කොළඹ නැගෙනහිර,උතුරු කොළඹ,බොරැල්ල,බටහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශවල බලය තහවුරු කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවීමත් සමග කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබේ.

පළාත් පාලන ආයතන 23 ක් සඳහා පැවති මෙම මැතිවරණයෙන් ‍මේවන විට පළාත් පාලන ආයතන 21 ක බලය තහවුරු කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගෙන ඇත.

පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද 101,920 ක් ලබාගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගෙන ඇති අතර මන්ත්‍රී ආසන 24 ක් ලබාගැනීමට හැකිව තිබේ.


ඡන්ද 77,089 ක් ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 16 ක් හිමිව ඇති අතර ඡන්ද 26,229 ක් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට මන්ත්‍රී ආසන 6 ක් හිමිව ඇත.


ඡන්ද 9979 ක් ලබාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2ක්ද,ඡන්ද7830 ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයට මන්ත්‍රී ආසන 2 ක් හා ඡන්ද 3162 ක් ලබාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 1 ට හිමිකම් කීමට සමත්විය.

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862