Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

වෙන්ටිලේටරය ඉඳහිට නවතයි

2011/10/10 03:15 PM සෙනසුරාදා සිදු කළ හිසේ සැත්කමින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ප‍්‍රතිකාරවලට දක්වන ප‍්‍රතිචාර ගැන අවබෝධයක් ලබාගැනීම සඳහා විටින්විට ඔහු වෙන්ටිලේටරයෙන් ඉවත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ පවසයි.

”වෙන්ටිලේටරය මුළු මනින්ම ඉවත් කරන්නේ නැහැ. රෝගියාගේ තත්ත්වය ගැන අවබෝධයක් ගැනීම සඳහා විටින් විට ඔහු එයින් ඉවත් කරනවා. මුලින් තිබුණාට වඩා ටිකක් හොඳයි. ඔහුට සිහිය නැහැ. සිහිය ගැනීමට උත්සාහ කරන්නෙත් නැහැ. අධ්‍යක්‍ෂවරයා කියයි.

තවත් සැත්කමක් නොකරන බවද ඔහු සඳහන් කරයි.

භාරතගේ මිනිස්සු නාමල්ට හූ කියයි !

භාරතගේ මිනිස්සු නාමල්ට හූ කියයි !

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය අද පෙරවරුවේ ජයරත්න මල් ශාලාවට ගෙන ආ මොහොතේ එම ස්ථානයට පැමිණි ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාට භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන් ‘හූ’ කියා විරෝධ පාඨ කියමින් විරෝධය පළ කළ බව පැවසේ .

*කුඩු කාරයො රකින එවුන් අපට එපා * යන අර්ථයෙන් එම විරෝධතා පාඨ කියැවුන අතර ඒ අතරේ නාමල් රාජපක්ෂ හා භාරත ලක්ෂ්මන් මහතාගේ දියණියක සමග ඇතිව තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් නැවැත්වීමට ජනපති ආර්‍යයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කළ කී දෑ ද කියැවිණ .

දුමින්දගේ සැත්කම ඉවරයි: උණ්ඩයක් තවම ඇතුළේ: තවම සිහි නෑ

දුමින්දගේ සැත්කම ඉවරයි: උණ්ඩයක් තවම ඇතුළේ: තවම සිහි නෑ

දුමින්ද සිල්වා රෝහල් ගත කල අවස්ථාවේ

හිසට වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ශෛල්‍ය කර්මය මේ වන විට අවසන් කර ඇති අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් හිසෙහි කරන ලද සීටීසී ස්කෑන් පරීක්‍ෂාවෙන් හිසට හානි සිදුවී ඇති බව තහවුරු වී ඇතැයි ශ‍්‍රී ජයවර්ධන පුර රෝහලේ වෛද්‍ය අධිකාරී එස්.ඒ.කේ. ගමගේ මහතා මාධ්‍ය වෙත පැවසීය.

දුමින්ද සිල්වාගේ හිසෙහි තිබී උණ්ඩ දෙකක් ඉවත් කරන ලදැයි යන කතාව සම්බන්ධයෙන් ඔහු කීවේ එය අසත්‍යයක් බවත් ඔහුගේ හිසේ එක් උණ්ඩයක් ඉතිරිවී ඇති අතර එය ඉවත්කිරීමට යාම වඩා අනතුරු දායක බවත් ය. මේ වන විට හිසතුල සිදුවන ලේ වහනය වීම පාලනය කර ලේ ඉවතට යාමට සලස්වා ඇති අතර ඔහුගේ තත්ත්වය ගැන කිව හැක්කේ පැය 48 කට පසුව බවත් වෛද්‍ය ගමගේ මහතා කීය. දුමින්ද සිල්වා තවමත් සිහි නොමැති තත්ත්වයේ පසුවේ.

භාරත - දුමින්ද ගැටුමට මුල 'කුඩු' ප්‍රශ්නයක්!

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අතර ගැටුමට මුල මත්කුඩු ජාවාරම් පිළිබද අර්බුදයක් බව වාර්තාවේ.

කොලොන්නාව ප්‍රදේශයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ මත්කුඩු ජාවාරමට එරෙහිව භාරත ලක්‍ෂ්මන් මහතා විශාල හඬක්‌ නැගු බවත්, ප්‍රදේශයේ තරුණයන් මත්කුඩු උවදුරෙන් බේරා ගැනීමටමහතා විශාල උත්සාහයකනිරතව සිටි බවත් එම වාර්තා සදහන් කරයි.

මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බව මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා දැඩි ආවේගයකින් යුතුව ප්‍රකාශකර තිබේ.

මෙහිදී මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බවඅවධාරණය කර ඇත.

මැතිවරණය පැවැත්වීමට පෙර දින (07 ) රාත්‍රි කොටිකාවත්ත ප්‍රදේශයේදී පාතාල අපරාධකරුවකු ඝාතනයට ලක්‌වූ ඇත එම පුද්ගලයා දුමින්ද සිල්වා මහතාට සහාය පළකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවකු බව පසුව හෙළිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින රාත්‍රියේදීම පුද්ගලයන් සිව්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සතුව තිබූ බව කියන ගිනි අවියක්‌පොලිස්‌ භාරයට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාම භාරත මහතාගේ ආධාරකරුවෝ වූහ. එම පුද්ගලයන් මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ දුමින්ද සිල්වාගේ උපදෙස්‌ මත බවත් භාරත මහතා කියා තිබිණි.

මෙම සිද්ධිය නිසා දෙදෙනා අතර දැඩි විරසක බවක්‌ ඇතිවී තිබු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මැතිවරණය පැවැති දින උදේ වරුවේ සිට දුමින්ද සිල්වා සිය සන්නද්ධ ගෝල බාලයන් ද සමඟ අති සුඛෝපභෝගී ජීප් රථ දහයක නැගී වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරමින් ජනතාව භීතියට පත්කරමින් සිටි බව එම ප්‍රදේශවල ජනතාව පවසයි.

තවද, අධික ලෙස බීමත්ව සිටි මෙම සන්නද්ධ පිරිස්‌ පාලනය කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිම පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් නොවූ බවමුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාව කියා සිටියි.

(Source - Sri Lanka Mirror Editor)

වෙඩි වැදුණු දුමින්ද සිල්වා දැඩිසත්කාර ඒකකයට

10/10 07:10 Pm
දුමින්ද භාරතගේ කම්මුලට ගැහුවා - දිවිගලවාගත් භාරතගේ රියදුරු

වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවාගත් භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියදුරු එම සිද්ධිය දිවයින පුවත්පතට විස්තරකොට තිබුනේ මෙසේය

"අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.

වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.

දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා.


දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා.


එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.


ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.


භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා
"


 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862