Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

භාරත - දුමින්ද ගැටුමට මුල 'කුඩු' ප්‍රශ්නයක්!

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අතර ගැටුමට මුල මත්කුඩු ජාවාරම් පිළිබද අර්බුදයක් බව වාර්තාවේ.

කොලොන්නාව ප්‍රදේශයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ මත්කුඩු ජාවාරමට එරෙහිව භාරත ලක්‍ෂ්මන් මහතා විශාල හඬක්‌ නැගු බවත්, ප්‍රදේශයේ තරුණයන් මත්කුඩු උවදුරෙන් බේරා ගැනීමටමහතා විශාල උත්සාහයකනිරතව සිටි බවත් එම වාර්තා සදහන් කරයි.

මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බව මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා දැඩි ආවේගයකින් යුතුව ප්‍රකාශකර තිබේ.

මෙහිදී මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බවඅවධාරණය කර ඇත.

මැතිවරණය පැවැත්වීමට පෙර දින (07 ) රාත්‍රි කොටිකාවත්ත ප්‍රදේශයේදී පාතාල අපරාධකරුවකු ඝාතනයට ලක්‌වූ ඇත එම පුද්ගලයා දුමින්ද සිල්වා මහතාට සහාය පළකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවකු බව පසුව හෙළිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින රාත්‍රියේදීම පුද්ගලයන් සිව්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සතුව තිබූ බව කියන ගිනි අවියක්‌පොලිස්‌ භාරයට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාම භාරත මහතාගේ ආධාරකරුවෝ වූහ. එම පුද්ගලයන් මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ දුමින්ද සිල්වාගේ උපදෙස්‌ මත බවත් භාරත මහතා කියා තිබිණි.

මෙම සිද්ධිය නිසා දෙදෙනා අතර දැඩි විරසක බවක්‌ ඇතිවී තිබු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මැතිවරණය පැවැති දින උදේ වරුවේ සිට දුමින්ද සිල්වා සිය සන්නද්ධ ගෝල බාලයන් ද සමඟ අති සුඛෝපභෝගී ජීප් රථ දහයක නැගී වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරමින් ජනතාව භීතියට පත්කරමින් සිටි බව එම ප්‍රදේශවල ජනතාව පවසයි.

තවද, අධික ලෙස බීමත්ව සිටි මෙම සන්නද්ධ පිරිස්‌ පාලනය කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිම පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් නොවූ බවමුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාව කියා සිටියි.

(Source - Sri Lanka Mirror Editor)

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862