Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

Political Gun Fire in Colombo

07:11pm
දුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ

දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ හිසේ තිබී වෙඩි උන්
දෙකක් අයින් කොට ඇත.

06:53 pm
මේ අවස්ථාව වන විට දුමින්ද සිල්වාගේ සහයකයින් විසින් ශ්‍රී ජවර්ධන පුර රෝහලේ සිටින පිරිස් ගේ ශරීර පරික්ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර රෝහල්ගතව සිටින දුමින්ද සිල්වා බැලීම සඳහා ආරක්ෂක ලේකම් තුමා පැමිණීමත් සමග එයට ආණ්ඩුවේ සිටින ජෙෂ්ඨයන්ගේ අප්‍රසාදය පලකොට ඇත.

භාරත ලක්ෂ්මන් යනු 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපති පදවිය ලබාගැනීමට බෙහෙවින් උපකාරී වූ පුද්ගලයෙකි.

මේ අතර දුමින්ද සිල්වාගේ එක් කාර්යාලයකත් කුපිත වූ පිරිස් විසින් ගින් තබා ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.



05:32 pm
ගැටුමට මුල දුමින්දගේ ගෝලයෙක් මරාදැමීම

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කරන අපේක්‍ෂකයකුගේ ආධාරකරුවකුට ඊයේ (07 වැනිදා) රාත්‍රි 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩිතැබීමකින්
මල්පුර ශාන්ත නමැත්තෙකුඊයේ මිය ගියේය.

මෙම වෙඩි තැබීම ටී 56 ගිනිඅවියකින් සිදුකර ඇති අතර මියගිය පුද්ගලයාටද විවිධ අපරාධ චෝදනා ඇතැයිද පොලිසිය වාර්තා කරයි.

මල්පුර ශාන්ත මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ලඟම ගෝලයෙකු වූ අතර මෙම ඝාතනයට දුමින්ද පාර්ශවය චෝදනා එල්ලකොට ඇත්තේ භාරත ලක්ෂ්මන් මහතාගේ පාර්ශ්වයටය.


ඒ අනුව එහි පලිගැනීමට ගිය අවස්ථාවේ භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි වැඩි ඇති බව වාර්තා වේ.

5:21 pm
මුල්ලේරියාවේ නොසන්සුන් තත්වය මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදා ඇත.

මේ අතර කුපිත වූ පිරිස් විසින් පොලිස් ජීප් රියකට ගිනි තබා ඇත



5:00 pm
මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නිතිය පනවා ඇත.

4:50 pm
භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු කල රෝහල වූ අය.ඩී.එච් රෝහල ඉදිරිපිට එක්වූ පුද්ගලයින් කලබලකාරී වාතාවරණයක් ඇතිකොට තිබෙනවා.

එහි ඉදිරිපිට ඇති ට්‍රක් රථයකටද ගිනි තබා තිබෙනවා.මේ වන විට මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකරමින් පවතිනබව වාර්තා වේ.

එම පුවත සිරස නිව්ස් ෆස්ට් වාර්තා කල අයුරු



4:33 pm
භාරත ලක්ෂ්මන් මහතා මිය යයි

මෙම වෙඩි තැබීමෙන් අසාධ්‍යය වූ භාරත ලක්ෂ්මන් මහතා සහ තවත් දෙදෙනෙකු මෙයට ස්වල්ප මොහොතකට පෙර මිය ගියා.

දුමින්ද සිල්වා මහතාගේ හිස පෙදෙසට වෙඩි පහරක් වැදී ඇති බව නිලි නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

4:12 pm
කොළොන්නාවේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත්කොට ඇතැයි වාර්තාවේ.

කොලොන්නාවේම වෙඩි තැබීමකින් හිටපු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාද තුවාල ලබා රෝහල්ගතකොට තිබේ

වැඩි විස්තර බලාපොරොත්තුවන්න

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862