Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

ගුවන්තොටුපලක් ලෙස සැකසුන මීගමුවේ නව බස් නැවතුම්පල

2007 වසරේ වැඩ ආරම්භ කල මීගමුවේ නව බස් නැවතුම්පල ඊයේ (04) දිනයේ විවෘත කිරීම සිදු කළා.මෙයට වැය වූ මුළු මුදල කෝටි 22 ක්.

මෙම බස් නැවතුම්පල මෙතෙක් ඉදිවුන බස් නැවතුම්පල වලින් නවීනතම අංග උපාංග වලින් සමන්විත බස් නැවතුම්පලක් ලෙස හැඳින්විය හැක.

මෙහි විශේෂත්වය වන්නේ ගුවන්තොටුපලක් ආකාරයෙන් මෙම බස් නැවතුම්පල ඉදිකිරීමයි. මහල් තුනකින් සමන්විත මෙම බස් නැවතුම්පලේ යාන්ත්‍රික තරප්පු පෙලවල්ද සවිකොට ඇත.

විවේක ගන්නා මගීන්ට රුපවාහිනි තිරද ගමන් කාලසටහන් ඩිජිටල් තිර මගින්ද දිස්වනු ලැබේ.

මෙහි වාස්තුනිර්මානයද සිදුකොට ඇත්තේ මිගමුවේම පදිංචිකරුවකු වන බන්දුල වැලිකඩ ආරච්චි විසින්ය.
එහි ජායාරුප පහතින්





0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862