Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා ගේ අලුත් අනාවැකි

මෙවරත් සන්ධානයට විශිෂ්ඨ ජයක්

එක්සත් ජාතික පක්ෂය නම සහ ලාංජනය වෙනස් කල යුතුයි

විපක්ෂයේ රාජ යෝග තියෙන අය නැහැ

ඉදිරියේ හම්බන්තොට වරාය හොඳ ආදායම් මාර්ගයක් වනවා

ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා ගේ අනාවැකි පිළිබඳව මෙයට පෙර ලිපිවලත් අප හෙළි කළා.

එයින් වඩාත් ආන්දෝලනයට ලක්වුයේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසුව රටේ සිදුවන වෙනස්කම් ගැන සහ ලෝක කුසලානය පිලිබඳ එතුමා පවසන ලද අනාවැකියි.

පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට අලුත් අනාවැකි කිහිපයක්ම සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශකොට තිබෙනවා.පහත දැක්වෙන්නේ එම අනාවැකියි.

ඡ්‍යොතිර්වේදය අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය හිමිවන්නේ කාට ද?

මෙවර පළාත් පාලන මැතිවරණයත් පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ විශේෂ වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. එය ඉතිහාසයට එකතු වන ජයග්‍රහණයක් බවට පත් වෙනවා.


මේ වන විටත් එජාපයේ බලකණු බිඳ වැටෙමින් පවතිනවා. කොළඹ, ගාල්ල, මහනුවර කියලා ඡ්‍යොතිර්වේදයේදී වෙන් කරන්න බැහැ. මුහුණ ගත්තාම නහය ගැන විතරක් කියන්න බැහැවගේ ජොතිර්වේදයේදීත් වෙන් වෙන්ව කියන්න බැහැ, නමුත් සමස්ත මැතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව කිව යුතුයි.

මේ සුබ කාලය රටේ සංවර්ධන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට කෙතෙක් දුරට ඉවහල් වෙනවා ද?
හම්බන්තොට වරාය නොවැම්බර් 16 වැනිදායින් පසුව ලංකාවට හොඳ ආදායම් මාර්ගයක් බවට පත්වෙනවා. අනෙකුත් සංවර්ධන කාර්යයන් ද සාර්ථක වෙනවා. යුද්ධය අවසන් කොට එතුමා මේ රට සමෘද්ධිමත් රටක් බවට පත්කරන බව නියතයි. ඉදිරි වසර කිහිපය තුළදී මේ රටින් විදේශ රටවලට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ රට හඳුනගන්නත් බැරි තරමට සමෘද්ධිමත් වී තිබෙන බව නියතයි.


අද වෙන විටත් බම්බලපිටිය කොල්ලුපිටිය දක්වා ගමන් කරන කෙනකුට අමුතුම සුවයක් සතුටක් අලංකාරයක් දැකගත හැකියි. ලෝකයේ ලස්සනම රටවල් ලෙස හඳුන්වන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඇවිදගෙන යන විට ඇතිවන හැඟීම් තමයි ලංකාවේ බම්බලපිටිය හන්දියේ සිට කොල්ලුපිටිය දක්වා ගමන් කරන කෙනකුට අද ඇතිවෙන්නේ.

ජනාධිපතිතුමා ඇතුළු රජය අපකීර්තියට පත් කිරීමත් අපහසුතාවට පත් කිරීමට දේශීය විදේශීය බලවේග ක්‍රියාත්මක වී තිබෙනවා. මේ මඟින් ජනාධිපතිතුමාටත් රජයට යම් බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වේවි ද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතිශය භාග්‍යසම්පන්න පුද්ගලයෙක්. මේ යුද්ධය අවසන් කිරීමට මීට පෙර මේ රටේ සෑම රාජ්‍ය නායකයෙක්ම උත්සාහ කළා. ඒත් ඒ අයට මේ රට ත්‍රස්තවාදයෙන් ගොඩගැනීමට බැරි වුණා. නමුත් රුහුණෙන් බිහි වූ මේ දියසෙන් කුමාරයා නැතහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණයි ත්‍රස්තවාදයෙන් මුදාගෙන මේ රට ගොඩනැඟීමට හැකි වුණේ.


මහා බලගතු බලයක් එතුමාගේ කේන්ද්‍රයේ තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයට අනුව ඕනෑම අන්තර්ජාතික බලවේගයක් යටපත් කිරීමට හැකි වාසනා බලයක් ශක්තියක් එතුමාගේ කේන්ද්‍රයේ තිබෙනවා. එතුමාගේ රෝම කූපයකටවත් කිසිම කෙනකුට හානියක් කිරීමට නොහැකියි. එතුමාට විරුද්ධව කුමන බලවේගයක් ක්‍රියාත්මක වුණත් දින 21 යන විට එම බලවේග දුර්වල වී ඉන් අනතුරුව එම බලවේග එතුමාට වාසිදායක වෙනවා.

විපක්ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල අනාගතය කෙබඳු වේවි ද?


රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාට රාජ්‍ය නායකත්වයට පැමිණිමට වාසනාවක් නැති බව මේ රටේ දෙකේ තුනේ පන්තිවල ළමයෙක් වුණත් දන්නවා. ඒ බව එජාපයේ අයත් දන්නවා. අන්තර්ජාතික ප්‍රජාවත් සෑම සියලු දෙනෙක්මත් දන්නවා. එතුමාට ඔටුන්න පෙනි පෙනී රජකම අහිමි වෙනවා. ඒත් එතුමා කොහොම හරි දෙවරක් අගමැති වුණා.


පසුගිය කාලයේ එජාපය කතාවක් පැතිරුවා මේ නායකත්වය වෙනස් කරලා මේ අවුරුද්දේ අපි‍්‍රයෙල් වන විට කිරිබත් කනවා කියලා. නමුත් රාජ යෝග නැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ පරදවන්න බැරි කෙනෙක් ඒ පක්ෂය තුළ නැති බවයි මෙයින් පැහැදිලි වන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයට රජ වෙන්න බැහැ. ඒත් රාජ යෝග ඇති කෙනෙක් ඒ පක්ෂය තුළ හිටියා නම් රනිල් වික්‍රමසිංහ මහත්තය පැත්තකට දාලා පසුගිය අපි‍්‍රයෙල් 12 වැනිදාට පෙර නැඟී එන්න තිබුණා.

නමුත් එලෙසින් නැගී ඒමට හැකි නායකයෙක් එම පක්ෂය තුළ නැහැ කියන එකයි එහි තේරුම.මේ වසරේ නොවැම්බර් 15 වැනිදා උදේ වන විට එක්සත් ජාතික පක්ෂයට මහා කනගාටුදායක තත්ත්වයක් ඇති වෙනවා.

මම මහා බලගතු එක්සත් ජාතික පාක්ෂිකයෙක්ගේ පුතෙක්. මගේ පියාගේ නම ඩී. එස්. අබේගුණවර්ධන මගේ පියා ගැන ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. එක්සත් ජාතික පක්ෂය පිහිටුවන වේලාවේදිත් මගේ පියා එතැන ඉඳලා තියෙනවා.


මගේ පියාත් ඡ්‍යොතිර්වේදය පිළිබඳව ටිකක් දන්න කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී ඒ නැකැත් අනුව එක්සත් ජාතික පක්ෂයට ආයුෂ තියෙන්නේ අවුරුදු හැටයි කියන දේ මගේ පියා ප්‍රකාශ කර තියෙනවා.

මම තාමත් එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි. මම මීට පෙර ‘සිළුමිණ’ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදීත් කිව්වා දැන් එක්සත් ජාතික පක්ෂය කළ යුතු දේ තමයි පක්ෂයේ නම සලකුණ වෙනස් කරලා අලුත් පක්ෂයක් පිහිටුවීම කියලා.

මේ විදිහට එම පක්ෂයට යන්න බැහැ. මීට පෙර මම ඒ අදහස් ප්‍රකාශ කරන වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට සියයට 40 ක් විතර ඡන්ද බලයක් තිබුණා. දැන් වසරක් පමණ ගෙවිලා ගිහින් දැන් සියයට 22 ක් ඡන්ද බලය අඩු වෙලා.

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862