Hot Line - 071 8417626 | 077 631 86 22 | E mail - nilankanb@gmail.com

නදීෂා රඟපෑමෙන් ඉවත්වන්නේ ඇයි ?

‘රුවන් මාළිගා’ හි පංචාලි ලෙසින් හා ‘ඉතිං ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ සන්ධ්‍යා ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයටපත් නදීෂා අලහප්පෙරුම රඟපෑමෙන් ඉවත්වීමට යන බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

ඇය සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ තමා මවක් වීමට යන බැවින් කෙටි කලකට රඟපෑමෙන් ඉවත්වීමට යන බවයි.

දරුවා ලැබීමෙන් පසුව දරුවාගේ කටයුතුත් සමඟ තමාට රංගනයෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇති බවත්, වසර එකහමාරකට පමණ පසුව යළි හොඳ චරිතයක් සඳහා ආරාධනයක් ලැබුණහොත් ඒ ගැන සලකා බලන බවනදීෂා පවසන්නීය.

නදීෂා මේ දිනවල රඟපෑමෙන් දායකවන රුවන් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේවන විට අවසන් අදියරට පැමිණ ඇති බවඇය සඳහන් කර තිබේ.

කෙසේවුවද ඇය මෙතෙක් රඟ පෑ චරිතවලට වෙනස් චරිත රංගනයක යෙදෙන රන් සමනළයෝ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තව ටික කළක් දික්ගැස්සෙනු ඇතැයිඇය පවසන්නීය.

ස්වර්ණවාහිනී නාලිකාවේ මෙගා ස්ටාර් හා ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනේ විධායක නිෂ්පාදක අමිල නුවන් වාදසිංහ නදීෂාගේ සැමියාය.

ඇයට 2006 වසරේදී ‘වංකගිරිය‘ හා ‘06 වැනි පටුමග’ යන ටෙලි නාට්‍ය සඳහා රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මාන හිමිකර ගැනීමටසමත් වූවාය’

නදීෂා රංගනයෙන් දායක වූ දිලූක ප‍්‍රසාද් ගුණතිලකගේ ‘උපාධ්‍යා’ ටෙලි නාට්‍ය මෑතකදී විකාශය වීමට නියමිත බවමේ අතර වාර්තා වේ.

0 comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862